අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රෝඩාකාරීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අදියර තුනක් මේ වනවිට මුලුමනින් ම අසාර්ථක වී තිබේ.

මෙරට ඉතිහාසයේ පළමුවරට, නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට දරන ලද දැඩි ප්‍රයත්නය අසාර්ථකවීම පළමු ඇද වැටීම ය.

ඉන් පසුව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සහ විනිසුරුවරුන් මෙන් ම, අධිකරණ ක්‍රියාවලියට දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබීය. ඒ අනුව යමින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙන් ම නීතිඥ දයාසිරි ජයසේකර ද තව දුරටත් ප්‍රහාර දියත් කර තිබිණි. නමුත් මේ වනවිට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරුවරුන්ගේ සංගමය පෙරටු කොට ගෙන සංවිධානාත්මකව එම ක්‍රියාවලියට එරෙහි විරෝධතා දියත් කර තිබේ.

තුන්වනුව, විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කර මන්ත්‍රීවරු මගින් බලය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දැරීය. එය ද මේ වනවිට මුලුමනින් ම අත්හැර දැමීමට සිදු වී තිබේ.