ජේආර් ජයවර්ධන ජනාධිපතිගේ පාලනය ආරම්භ වූ 1980 දශකයේ මුල පාතල මැරයන් යොදවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීමේ ක්‍රියාමාර්ගය රනිල් වික්‍රමසිංහ “කපටි නරියාගේ න්‍යායෙන්” ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබීය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1/55 ඇ වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන අර්ථ නිරූපණ පාර්ලිමේන්තුව තුළ විවේචනය කළ නොහැකි ය. එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ එම ස්ථාවර නියෝග පවා උල්ලංඝණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දැඩි ප්‍රහාරයකට ලක් කළේය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ලද අර්ථ නිරූපන පදනම් කර ගෙන එම ප්‍රහාරය එල්ල කළේය.

එසේ විවේචනය කිරීමෙන් නොනැවතී එම අර්ථ නිරූපණ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. මෙය ජේආර් ජයවර්ධන අධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඍජුව ම පාතාල මැරයන් යෙදවූවාට වඩා භයානක පූර්වාදර්ශ ලබාදීමක් බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

තවද,මේ සිදුකරමින් සිටින්නේ දැනට පැනනැගී ඇති ජනාධිපති ධූරය අවුරුදු 5 ද 6 ද යන්න ප්‍රශ්නයට මුට්ටිය දමා බැලීමක් දැයි සමහරුන් සැක පළකරයි.