සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ සමුළුව කොළඹදී ඊයේ (18) පැවැත්වීමට සැලසුම් කළත් එය නතර කර ඇතැයි වාර්තා වෙනවා. ඒ ඊට සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම හේතුවෙන්.

එම සමුළුව ඊයේ පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ. උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී ඊට නොවීම නිසා සමුළුව කල් තැබීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවයි කියන්නේ.

සමුළුව සඳහා වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සෞඛ්‍ය වෘත්තිකයන් දෙදහසක් පමණ සහභාගී කරවීමට නියමිත බවයි මුලදී වාර්තා වුණේ. එහෙත් ඊට සහභාගී වී ඇත්තේ විසිදෙදෙනෙක් පමණක් බවයි කියන්නේ. මෙම සමුළුව සංවිධානය කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන වෙත පැවරී ඇති බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසා ඇත්තේ නොවැළැක්විය හැකි හේතුවක් මත සමුළුව කල් දැමීමට සිදූ වූ බවයි. සමුළුවට සහභාගී වූ පිරිසෙහි අඩුවක් නිසා එවැන්නක් සිදු නොවූ බවත්, සමුළුව නැවත පවත්වන දිනයක් පිළිබඳව පසුව දැනුම් දෙන බවත් ඔහු කියා තිබෙනවා.