අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජයග්‍රහණයක් බව රටට ප්‍රකාශ කරමින් තවත් වටයකින් ප්‍රචාරක කටයුතු දියත් කර කැවුම් කිරිබත් කෑමේ උළෙලක් සංවිධානය කර ඇති බව අනාවරණය වේ.

මේ සඳහා නිමිත්ත කොටගෙන තිබෙන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම සහ ඒ පිලිබඳව නිල ප්‍රකාශයක් කිරීමය. මේ වනවවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව රනිල් වික්‍රමසිංහගේ විදේශීය ප්‍රචාරක ආයතනය වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ රට බංකොලොත් බවෙන් මුදවා ගත් බව එම ගිවිසුම් සමග ප්‍රකාශ කරන ලෙසය. එම උපදේශය හිස් මුදුනින් පිළිගෙන ඇති සාගල රත්නායක අකිල විරාජ් කාරියවසම් වජිර අබේවර්ධන රවී කරුණානායක සහ පාලිත රංගෙබණ්ඩාර ප්‍රමුඛ පිරිස තරඟයට මෙන් රතිඤ්ඥා දල්වා කිරිබත් කෑමේ උළෙලවල් සංවිධානය කරමින් සිටින බව මේ වනවිටත් හෙළි වේ.

එහෙත් 2022 වර්ෂය අවසානයෙන් පසුව ගෙවී ගිය මාස 18කට අඩු කාලය තුළ රනිල් වික්‍රමසිංහ යටතේ රජයේ සමස්ත ණය බර ඩොලර් බිලියන 83 සිට 100 ඉක්මවා ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබේ. එමෙන්ම ණය වාරික සහ පොලිය ගෙවීම අත්හිටුවා තිබියදී පසුගිය 2023 වසරේ රජයේ මුළු ආදායමෙන් 79.73ක් පොලී ගෙවීමට පමණක් යොදවා ඇත. එනම් එම වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3079ක් වනවිට පොලී ගෙවීමට පමණක් රුපිය්ල බිලියන 2455ක් වැය වී තිබිණි.