පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පසුව රනිල් පිලට එක් වූ එස්.බී දිසානායක අද (25) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් නිකායික මහානායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව දැඩි ප්රසන්සාව පල කර තිබේ.
එමෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් පමණ ලබාගන්නා බවත් සාර්ථක ලෙස ජනතා අපේක්ෂා ඉටු කරනු ඇති බවත් ප්රකාශ කර ඇත. අභිනව ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින එක වැරදි බවත් ජයග්රාහී ජනාධිපතිවරයෙක් ලෙස කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන යන ගමන සුබවාදී බවත් ප්රකාශ කරනු ලැබීය.