2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබෙනවා. මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් 1,868,2,98,586.00 බව පවසන මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළා.
මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත්1,120,9,79,151.60 අපේක්ෂකයාට තම ප්රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් 747,319,934.40මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබෙනවා.
මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.