ගෑස් සිලින්ඩරය පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය මේ වන විට දෙපිලක ද්වන්ධ ගැටුමක් බවට පත් වී ඇති බව අනාවරණය වේ.

රවී කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන සාගල රත්නායක සහ වජිර අබේවර්ධන ඊට ප්‍රතිවිරෝධී කණ්ඩායම මෙහෙයවමින් සිටිති. එම බල අරගලයේ දී රනිල්ගේ කණ්ඩායම මේ වන විටත් දැවැන්ත පරාජයක් අත්කරගෙන තිබේ.

ගෑස් සිලින්ඩරය ලකුණ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්, ශර්මිලා පෙරේරා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිල සම්බන්ධයෙන් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටීම නිසා එම පිල දැවැන්ත පරාජයකට පත්ව තිබේ. මේ අතර, රනිල්ගේ සමීපතමයන් වූ අකිල විරාජ් කාරියවසම් මෙයට ටික කලකට පෙර නිහඬ වූ අතර, මහා මැතිවරණයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන ද මේ වන විට දැඩි නිහඬතාවකට පත්ව සිටී.