පසුගිය 2023 වසරේ මාර්තු මස පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන වෙනුවෙන් භාර ගන්නා ලද සියලුම නාමයෝජනා අවලංගු කිරීමට ආණ්ඩුව සහ අනෙකුත් සියලු විපක්‍ෂයේ පක්‍ෂ එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව සභානායක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති, බිමල් රත්නායකගේ මූලිකත්වයෙන් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්‍ෂයේ සියලු පක්‍ෂ එම නාම යෝජනා අහෝසි කිරීමට එහි දී එකඟත්වය පළ කර ඇත.

මේ අතර, සිවිල් සංවිධාන සහ පුරවැසියන් පිරිසක් ප්‍රකාශ කරන්නේ එම මැතිවරණයේ පූර්ව අවශ්‍යතා සඳහා දරන ලද මහජන මුදල් සාපරාධී ලෙස නාස්ති කිරීම පිළිබඳව වගකිව යුතු සියලු පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ය.