ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්‍රමයක් බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර තිබෙන බවත් නීතිවේදීන් පෙන්වා දී තිබේ.
මේ ගැන අදහස් දක්වන නීතිඥවරුන් අතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යූ ටියබ් නාළිකාවකට හෙළි කර තිබෙන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 196 දෙනා 160 දක්වා අඩු කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ට වැඩි විශේෂ බහුතරයකින් සම්මත කර ගෙන ජනමත විචාරණයකින් පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ අනුමතිය ද ලබා ගත යුතු බව ය.
ආණ්ඩුව වෙනුවෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු 160 දෙනෙකු කොට්ඨාස ක්‍රමයෙන් ද, 65 දෙනෙකු සමානුපාතික ක්‍රමය මගින් ද තෝරා ගත යුතු බවට යෝජනා කර ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කාල නීර්ණය කර තිබියදී මෙවැනි යෝජනා ගෙන එමින් ජනතාව ව්‍යාකූලත්වයට පත් කරන බවත් එවැනි උපක්රමවලට හසු නොවී කටයුතු කිරීම වැදගත් බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙන්වා දී ඇත.
(