දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය.
අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලීන්ද ජයතිස්ස මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
ලබන 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් ආණ්ඩුකාරයාගේ සම්බන්ධීකරණ නීයෝජිතයන් ලෙස පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පත්කර ගෙන තිබේ. එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් වහාම එම අයථා ක්‍රියා වැළැක්වීමට මැදිහත් වන ලෙසත් මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලා තිබේ. මේ ආකාරයට පත්කරන 15 දෙනෙකුගේ ලේඛනය සහ පැමිණිල්ල පහතින් දැක්වේ.
සභාපති,
මැතිවරණ කොමිසම,
සරණ මාවත,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම
දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් තම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සොයා බැලීම සඳහා යයි පවසමින් 2024 මැයි 04දින සිට පළාත් පාලන අපේක්ෂකයන් වන හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් තම සම්බන්ධීකාරක නියෝජිතයන් ලෙස පත් කර ඇත. අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත්තේද පසුදාතම යොදන ලද ලිපි නිකුත් කිරීම මගිනි. මෙම පත්කිරීම්වල අරමුණ වී ඇත්තේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල පවතින අරමුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් සෘජු ප්‍රදාන ලෙස ලබා දෙමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමයි.
මෙය පැහැදිලිවම රාජ්‍ය දේපළ අවභාවිතාවක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙම අයථා ක්‍රියා වැලැක්වීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමු. (ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ නම් මේ සමග අමුණා ඇත).
ස්තුතියි
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
ලේකම්
නාම ලේඛනය
1. සුනිල් ඇල්දෙණිය – හිටපු සභාපති, මුලටියන ප්‍රාදේශීය සභාව
2. ඊශ්වරගේ මහින්ද – හිටපු සභාපති, පස්ගොඩ ප්‍රාදේශීය සභාව
3. දයානන්ද අබේවික්‍රම – හිටපු සභාපති, කොටපොල ප්‍රාදේශීය සභාව
4. මහින්ද සිරිවර්ධන – හිටපු සභාපති, පිටබැද්දර ප්‍රාදේශීය සභාව
5. ඩබ්ලියු. ජී. නිහාල් සිල්වා – හිටපු සභාපති, අතුරලිය ප්‍රාදේශීය සභාව
6. සෝමසිරි වීරමන් – හිටපු සභාපති, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව
7. ඩී. ජී. යසරත්න – හිටපු නගරාධිපති, මාතර මහ නගර සභාව
8. විමල් ප්‍රියජනක – හිටපු සභාපති, මාතර ප්‍රාදේශීය සභාව
9. කිත්සිරි මුතුකුමාරණ – හිටපු සභාපති, දික්වැල්ල ප්‍රාදේශීය සභාව
10. සුජීව වෙදගේ – හිටපු සභාපති, දෙවිනුවර ප්‍රාදේශීය සභාව
11. පී.ජී. සුසන්ත ජයලත් – හිටපු උප සභාපති, වැලිගම ප්‍රාදේශීය සභාව
12. කේ. එම්. වීරරත්න – හිටපු මන්ත්‍රී, හක්මන ප්‍රාදේශීය සභාව
13. අනුර විජේසිංහ – හිටපු මන්ත්‍රී, අකුරැස්ස ප්‍රාදේශීය සභාව
14. එච්. පී. ප්රේමවංස – හිටපු මන්ත්‍රී, තිහගොඩ ප්‍රාදේශීය සභාව
15. මොහොමඩ් හුසේන් හජ්ජියාර් – හිටපු නගරාධිපති, වැලිගම නගර සභාව