රෝගී වකුගඩුවක් සමග නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී තුන් හැවිරිදි හම්දි ෆස්ලීම් මියගොස් අවුරුද්දක් ගතවීත්
ඒ ගැන කරන ලද විමර්ශනයේ වාර්තාව නිකුත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.
“2022 දෙසැම්බර් මාසයේ දී කොළඹ ලේඩ් රිජ්වේ ළමා රෝහලේ හම්දි කියන අවුරුදු තුනක දරුවෙකුගේ වකුගඩු සම්බන්ධව ඒ දරුවව රෝහලට ඇතුලත් කරාම වම් වකුගඩුව අයින් කරා. ඒ වකුගඩුව නරක් වෙලා තියන හින්දා. නමුත් ඒ ළමයව ඒ ඔපරේෂන් එකෙන් පස්සේ, ඒ ශල්‍ය කර්මයෙන් පස්සේ ගිහිල්ලා වාට්ටුවට දැම්මට පස්සේ වාර්තාවල සදහන් උනේ වම් වකුගඩුව තමයි අයින් කරලා තියෙන්නේ කියලා. නමුත් ඒ වකුගඩුව ඉවත් කරලා මාස හතක් ගියාම පස්සේ තමයි දැන ගත්තේ වකුගඩු දෙකම අයින්වෙලා තියනවා කියලා ඒ වාර්තාවල සදහන් උනා. ඒතකොට 2023 ජුලයි මාසේ තමයි ඒ ළමයා නැති වුණේ. දැන් අදවෙනකොට හරියට අවුරුද්දක් වෙනවා ඒ ළමයා අභාවප්‍රාප්ත වෙලා.”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ජුලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී තව දුරටත් හෙළි කළේ එම ශල්‍යකර්මයට සම්බන්ධ වෛද්‍යවරුන් දෙදෙනකු ද මේ වන විටත් රට හැර ගොස් ඇති බවයි.
වකුගඩු රෝහලේ නෑ
“මේකේ විශේෂ දේ තමයි මේ ශල්‍යකර්මය කරපු එතුමාගේ නම ඩොක්ටර් නලින් විජයකෝන්. එතුමා රට අත හැරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ශල්‍යකර්මය ඉවරවෙනවාත් එක්කම එතුමා රට ගියා. ඊලගට ඒක ස්කෑන් කරපු ඩොක්ටර් නුවන් හේරතුත් රට අත හැරලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙච්ච දෙන්නම අද මේ රටේ නෑ. ඊලග ප්‍රශ්නේ තමයි දැන් ඒ වකුගඩුත් රෝහලේ නෑ. එක්කෝ දැන් වකුගඩු අයින්කරානම් ඒක රෝහලේ තියෙන්න එපැයි. දැන් ඒක රෝහලේ නැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මං හිතනවා ඉතාම බරපතල තත්වයක් මේක කොළඹ ළමා රෝහලේ ඇති වෙච්ච සිද්ධියක්.”
2024 වසරේ ජුලි 27 වැනි දිනට, අත දරුවාට ජීවිතය අහිමි වි වසරක් ගතවන නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ එම වාර්තාවේ තත්වය කුමක්ද යන්නයි.
“මේ පිළිබදව බලධාරිනුත් කිව්වා පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් වෙනවා කියලා. අද වෙනකොට අවුරුද්දක් ගත වෙනවා. තවම වාර්තාවල් ඉදිරිපත් වෙලා නැ. ඒ වගේම හිටපු ඇමැතිතුමත් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ රවුෆ් හකීම් මැතිතුමා මතු කරපු වෙලාවේ කිව්වා වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා වාර්තාවල් ආවේ නැ. ඒ නිසා මම ඔබ තුමාගෙන් අහන්න කැමතියි, විශේෂයෙන්ම දැන් ඒ දරුවා අභාවප්‍රාප්ත වෙලා අවුරුද්දක කාලයතුක් ගත වෙනවා අද වෙන කොට. මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ගත්ත පියවර හා ඒ වාර්තාවල් පිළිබද තත්වය කුමක්ද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.”
එම පැනයට පිළිතුරක් මේ මොහොතේ තමන් අත නොමැති බව පාර්ලිමේන්තුවේ මුලසුනට දැනුම් දුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයාට පොරොන්දු වුයේ සතියක කාලයක් ඇතුලත ඔහුට පිලිතුරු ලබා දෙන බවටයි.
“ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මේ සම්බන්ධයෙන් පිලිතුරක් මා සතුව නැහැ, දැනට. මම ඒ වාර්තාව ලබාගෙන සතියකින් ඔබතුමාට පිළිතුරක් ලබලා දෙන්නම්, ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.”