මුස්ලිම් ජාතික සන්ධානයයේ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. මහෙස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත්කර සිටියේ කල්පිටිය පොලිස් බළ ප්රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරයා වග උත්තරකරු කරමින් පුත්තලම මහේස්ත්රාත් අධිකරණයේ පැවරූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී යි.
මීට පෙරදීද වග උත්තරකාර මන්ත්රීවරයා අධිරණයේ පෙනී නොසිටි අතර මන්ත්රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරණයේ පෙනී නොසිටි බවයි කියන්නේ. අදාළ රාජ්ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්රී අලි සබ්රි රහීම්ට එරෙහිව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.