හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග නිකුත් කර තිබේ.
ඒ, ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු ලෙස නම්කරමිනි.