ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතාමත් පහත් දේශපාලන සූදුවක යෙදී සිටින පිරිස් අතරින් පෙරමුණේ සිටින රෝහිත අබේගුණවර්ධන ඔහුගේ මව පවා දේශපාලන බල සූදුව වෙනුවෙන් යොදා ගනු ලැබීය.
ඊයේ (04) රනිල් වික්‍රමසිංහ පිලට එක් වූ ඔහු එම එක්වීම සාධාරණීකරණය කිරීම සඳහා තමන්ගේ මව පවා පාවාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ.
රෝහිත අබේගුණවර්ධන පළ කළ අදහස් මෙසේ ය.
“මගේ අම්මට 84යි. 2015 දී කිව්වා, පුතේ උඹ මහින්ද මහත්තයා දාලා ගිහිල්ලා ගෙදර එන්න එපා කියලා. මේ වෙලාවේ අම්මා කිව්වා පුතේ උඹ රනිල් වික්‍රමසිංහ මහත්තයාව දිනවන්න වැඩ කරන්න ඕනෑ කියලා“ යනාදී වශයෙන් ප්‍රකාශ කර ඇත.