ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ පසු එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගත් පසු නැවත මේ රටේ මැතිවරණ නොපැවැත්වෙන බවයි ඔහු කියන්නේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත ඇඟිල්ල පාට කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.

විදෙස් රටවල සිට මාලිමාවට ඡන්දය ලබා දීමට ලක්ෂ ගණනක පිරිසක් පැමිණෙන බව පැවසුවද එකී පිරිස මෙරටට මෙතෙක් ළඟා වී නැති බවයි කියන්නේ. එම පිරිස පැමිණෙන්නේ නම් දිනකට ගුවන් යානා පන්දහසක් පමණ කටුනායකට පැමිණිය යුතු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසනවා.