කොළඹ තරු පන්තියේ හෝටලයක නවතා තිබියදී සොයාගත් තමන්ට අයත් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් දන්වා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක්ද ගොනු කර තිබූ අතර ඊයේ (22) සළකා බැලූ එම පෙත්සම ලබන 25 වෙනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබිණි.